උඩු ගුවනට පෙනුණු ජනපදය



ඇන්ටාක්ටිකාවේ දකුණු කොනෙහි පිහිටි පෙර හඳුනා නොගත් හුදෙකලා දූපතක ඇඩිලි පෙන්ග්වින් (Adélie penguins) ජනපදයක් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත් වී ඇත.

අභ්‍යවකාශයේ සිට ලබා ගත් දූපතේ ඡායාරූපවල දක්නට ලැබුන කුරුල්ලන්ගේ අසූචි කඳු නිසා ඔවුන් එහි වෙසෙන බව මුලින්ම දැකගන්නට ලැබිණ.

විශාල ගල් පර්වතයකින් සැදුම් ලත් Danger Islands හි (අනතුරුදායක දූපත් යන අර්ථය) පෙන්ග්වින් පක්ෂීන් මිලියන 1.5 කට අධික ප්‍රමාණයක් විශාල රංචු වශයෙන් දිවි ගෙවති. Scientific Reports සඟරාවේ ලිපියක් පළකරමින් පර්යේෂකයන් පවසන්නේ එය ඉතා විශ්මිත සොයා ගැනීමක් බවය.

ගවේෂකයින් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ටොම් හාට් බීබීසීයට පවසා සිටියේ "කිසිම කෙනෙක් මීට පෙර දැක නැති තැනක් සොයා ගැනීම හරිම උද්යෝගිමත් දෙයක්. ඩේන්ජර් දූපත්වලට ලඟා වීම ඉතා දුෂ්කර නිසා මිනිස්සු මින් පෙර එහි යෑමට උත්සහ කරලා නැහැ," යනුවෙනි.

අභ්‍යවකාශයේ සිට භූගෝලීය පිහිටීම නිරීක්ෂණය කිරීම සඳහා ඡායාරූප ලබාගන්නා ඇමරිකානු ආයතනයක සහය ඇතිව විද්යා ඥයින් විසින් පෙන්ග්වින් පක්ෂීන්ගේ ක්රිකයාකාරකම් සහ හැසිරීම් අධ්යයයනය කිරීමට ඇල්ගොරිතම (ගණිත ක්ර‍ම) භාවිත කර ඇත.

අභ්‍යවකාශයේ සිට අධි විභේදිත ඡායාරූප ලබා ගැනීම අපහසු වීම හේතුවෙන් මෙවැනි කොලනියක සලකුණු දුටු විට එය තහවුරු කර ගැනීමට වඩාත් පැහැදිලි ඡායාරූප ගැනීමට සිදු වෙයි.

"මෙම කොලනියේ විශාලත්වය දැක්ක අපිට මොහොතකට හුස්ම ගන්න පවා අමතක වුණා," යැයි නිව්යෝර්ක්හි ස්ටෝනි බ්රූක් විශ්වවිද්යානලයේ ආචාර්ය හෙදර් ලින්ච් පැවසූවාය.

"අපි හිතුවා, 'නියමයි!', අපි දකින දේ ඇත්ත නම්, මේ ලෝකයේ විශාලතම ඇඩිලි පෙන්ගුයින් ජනපදය මෙය වෙන්න පුළුවන්. ඔවුන් ගවේෂණය කර ගණනය කිරීම අපට ඉතා වටිනවා," ඇය තවදුරටත් පැවසුවාය

( තිළිණි ද සිල්වා )

 


RECOMMEND POSTS