ඊශ්‍රායලය එක්ක හිතවත්කමක් නෑ



ඊශ්‍රායලය සමඟ පාකිස්තානයේ කිසිදු සමීප හිතවත්කමක් නැතැයි, පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වී පවසා ඇත.

ඊශ්‍රායල රජයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් රැගත් විශේෂ ජෙට් යානයක් ඉස්ලාමාබාද් අගනුවර පැමිණි බවට වාර්තා පළ වී ඇති අතර, ජනාධිපතිවරයා සිය අදහස් දැක්වීමක් කළේ ඒ සම්බන්ධයෙනි.

ඊශ්‍රායල ජෙට් යානයක්, ටෙල් අවීව් සිට ඉස්ලාමාබාද් තෙක් පැමිණ ඇති බව මාධ්‍ය හරහා අනාවරණය කර ඇත්තේ ඊශ්‍රායල මාධ්‍යවේදියෙකි. ඒ, පසුගිය 25 වැනිදාය.

ඊශ්‍රායලය සමඟ කිසිදු ආකාරයක ගනුදෙනුවක් සිදුනොවුණු බව ජනාධිපති අරීෆ් අල්වී පවසා ඇත්තේ තෙදින නිල සංචාරයක් සඳහා තුර්කිය බලා යෑමට සූදානම් වෙද්දීය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS