ඊබ්‍රහීම්ට අතුරු මැතිවරණ ජයක්



මැලේසියාවේ පැවැති පාර්ලිමේන්තු අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට, සිර දඬුවම් ලැබ යළි දේශපාලනයට පිවිසි සිටින අන්වාර් ඊබ්‍රහීම් සමත් වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මැලේසියාවේ අගමැති ධුරයට පත්ව සිටින්නේ, දීර්ඝ කාලයක් අගමැති ධුරයේ කටයුතු කර, විශ්‍රාම ගොස්, විපක්ෂ සන්ධානය නියෝජනය කරමින් යළි අගමැති ධුරයට පත්වුණු 93 හැවිරිදි මහතීර් මොහොමද්ය. මහතීර් මොහොමද් පවසා ඇත්තේ තමන් අගමැති ධුරයේ රැඳී සිටින්නේ අවුරුදු දෙකක් පමණක් කියාය.

ඒ අනුව, අතුරු මැතිවරණයෙන් යළි පාර්ලිමේවන්තුවේ අසුනක් හිමිවුණු අන්වාර් ඊබ්‍රහීම්ට අගමැති ධුරය ලබා දීමට මහතීර් මොහොමද් අපේක්ෂා කරන බව මැලේසියාවේ දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 (රොයිටර්ස්)


RECOMMEND POSTS