ඊජිප්තුවේ බොට්ටුවක් පෙරළී 42ක් මරුට



සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ඊජිප්තුවට නුදුරු වෙරළේදී පෙරළී යාමෙන් පුද්ගලයන් 42 දෙනෙකු ගිලී මිය ගිය බව ඒ එෆ්. පී. ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.

‘මේ වනවිට 42 දෙනෙකු මියගොස් හය දෙනෙකු තුවාල ලබා සිටිනවා“ ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක කාලිඩ් මෙගාහෙඩ්  පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තවත් ප්‍රකාශකයෙක් මියගිය සංඛ්‍යාව 29ක් තහවුරැ කළ අතර ඊජිප්තු, සුඩාන සහ තවත් අප්‍රිකානු ජාතිකයන් පිරිසක් මෙසේ මිය ගොස් ඇතැයි පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශක මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් 155 දෙනෙකු බේරාගත් බවත් තවත් පුද්ගල යන්ුගේ සිරුරු ප්‍රෙද්ශයෙන් හමුවෙමින් තිබෙන බවත් පැවසීය. ඊජිප්තු නිල පුවත් සේවය මේනා  (MENA) සඳහන් කළේ එම බොට්ටුවේ පුද්ගලයන් 600ක් රැගෙන යමින් සිටි බවයි.

පොලිස් නිලධාරින් පවසන අන්දමට බෝට්ටුව පෙරළී ඇත්තේ ඊජිප්තුවේ ඇලෙක්සෙන්ඩ්‍රියා නගරයට කිලෝ මීටර් 65ක් පමණ දුරින් බවය.


RECOMMEND POSTS