ඊජිප්තු මනාලිය සිංහ පැටියකු අරන් ඇවිල්ලා



සිය මංගල උත්සවයේදි මනාළයා පුදුමකරවීම පිණිස මනාළිය විසින් සිංහ පැටියෙකු සමග පැමිණීමේ පුවතක් ඊජිප්තුවෙන් වාර්තා වන බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

කැමීලියා අල්-හලු නම් මෙම තරුණිය වෘත්තියෙන් අශ්වයින් පුහුණු කරන්නියක වශයෙන් කටයුතු කරන බව වෙබ් අඩවිය සදහන් කර ඇත. 

ඇයගේ විවාහ උත්සවයේදි සිංහ පැටියා සමග සිටින ඡායාරූප අන්තර්ජාලයේ පළකිරීමත් සමග එම ඡායාරූප දකින පුද්ලයින්ගේ මුවගට සිනහවක් ගෙනදෙන බව වාර්තා වේ. 

“විදේශීය සතුන් සහ සිංහ පැටවා මගේ මුළු ජීවිතයම වෙලයි ඉන්නේ“ යනුවෙන් ඇය ප්‍රකාශ කල බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර සිටියේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS