ඊජිප්තු පාර්ලිමේන්තුව සිවිල් සේවා නිතිය සම්මත කරයි.



විවිධ දේශපාලන පක්ෂ හා රාජ්‍ය නොවන සංවිධානවල උණුසුම්  වාද විවාද මැද මාස කිහිපයකට පසු, ඊජිප්තු පාර්ලිමේන්තුව  අඟහරුවාදා මතභේදාත්මක සේවා සිවිල් නීතිය සම්මත කරගත්තේය.

මේ සදහා සාමාජිකයන් 401 ක් පක්ෂව ඡන්දය දුන්හ. සය දෙනෙකු ඡන්දයදීමෙන් වැළකී සිටී අතර 26 දෙනෙක් විරුද්ධව ඡන්දය දුන්හ.

මෙම නීතිය ජනාධිපතිවරයා වෙත යොමු කිරිමෙන්අනතුරුව, එය ජනරජයේ නිල පුවත්පතෙහි ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

අගහරුවාදා පාර්ලිමේන්තු සැසිවාරයේදි , දෙවන පාර්ලිමේන්තු වටයේ දී නීතියට අදාළ ඇතැම් වගන්ති කෙටියෙන් සාකච්ඡා කළ අතර මෙම නීතිය සම්මත කරීමට අවහිර කිරීමට උත්සාහයන් කිහිපයක් කර ඇති අතර, තවදුරටත් එය සාකච්ඡා කිරීම අවශ්‍ය නොවන බව  

පාර්ලිමේන්තු කථානායක අලි අබ්දුල් ආල් කියා සිටියේය

මෙම නීතිය දේශපාලන සංධාන කිහිපයක් විසින් ප්‍රතික්ෂේප කර ඇත..

මෙම නීතිය සේවකයන්ට නරක හා අසාධාරණ එකක් බවත් එය ක්‍රියාත්මක වන විට   ඔවුන්ගේ  මූල්‍ය අයිතිවාසිකම්වලටද එය බලපාන බව  පාර්ලිමේන්තු මන්ත්‍රි හයිතිම් අල්-හරිරි  කියා සිටියේය.

පාර්ලිමේන්තුව දීර්ඝ වශයෙන් විවාදයට ලක්වූ වගන්ති දෙකක් අනුමත කරන ලද අතර. මෙමගින් වාර්ෂික දිරිගැන්වීමේ සහ තාවකාලික හා වාර සේවකයින් පත් කිරීමේ රෙගුලාසි නියාමනය කිරීම සිදු කරයි.

මේ අතර පාර්ලිමේන්තුව 5% වෙනුවට 7% ක වාර්ෂික වැටුප් වැඩිවීමක් සදහා අනුමැතිය ලබාදී ඇත.

කම්කරු වෘත්තීය සමිති, එම ප්‍රතිශත ප්‍රතික්ෂේප කර ඇත. ඔවුන් කියා සිටින්නේ  ඊජිප්තුවේ මහ බැංකුවේ ඇස්තමේන්තු ගත උද්ධමන අනුපාත සැලකිල්ලට ගෙන නොමැති.බවයි.


RECOMMEND POSTS