ඉවන්කා ට්‍රම්ප් දකුණු කොරියාවට



සීත ඔලිම්පික් සමාප්ති උලෙළට, විශේෂ ආරාධිත අමුත්තියක ලෙස සහභාගී වීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දියණිය ඉවන්කා දකුණු කොරියාව බලා පැමිණ සිටින්නීය.

ඉවන්කා ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ගේ දියණිය පමණක් නොව, උපදේශිකාවක ලෙස ද කටයුතු කරන්නීය.

ට්‍රම්ප් දියණිය මහත් හරසරින් පිළිගැනීමට දකුණු කොරියානු රජය කටයුතු කර තිබේ.

ලොව රටවල් කිහිපයක විශේෂ ආරාධිත අමුත්තෝ ඔලිම්පික් සමාප්ත උලෙළට සහභාගී වෙති.

උතුරු කොරියාව නියෝජනය කරමින් පැමිණෙන්නේ එරට හමුදා ප්‍රධානියකු වන ජනරාල් කිම් යොංග් චෝල් යැයි ද පැවැසෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS