ඉල්ලා අස්වෙන්නැයි බල කෙරේ



හමුදාව රටේ බලය අත්පත් කර ගැනීමෙන් පසු, නිවාස අඩස්සියට පත් කෙරුණු සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේට ධුරයෙන් ඉවත් වෙන්නැයි බල කරමින් එරට වැසියෝ හරාරේ අගනුවරට රැස්වී විරෝධතාවල නියැලුණාහ.

විරෝධතා රැළියට දස දහසකට වැඩි පිරිසක් එක් වී සිටියහ.

හමුදාව මැදිහත් වී රටේ බලය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ඔවුන් ප්‍රීති වන අයුරු ද දකින්න ලැබෙන බව විදෙස් පුවත් සේවා කියයි.

හරාරේ අගනුවර විරෝධතා රැළි සංවිධානය කර තිබුණේ වසර ගණනාවක් තිසේ මර්දයට ලක් කෙරුණු සිම්බාබ්වේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් යැයි ද පැවැසෙයි.

ඊට අමතරව, මුබාබේට විරෝධය දක්වන ඔහුගේ පාලක ‘සානු පෙරමුණ’ පක්ෂයේ ක්‍රියාකාරීහු ද විරෝධතාවට එක් වූහ.

පාලක පක්ෂය දෙකඩ වී ඇත්තේ මුගාබේටත්, මුගාබේ විසින් ධුරයෙන් නෙරපා දැමුණු උප ජනපතිව සිටි එමර්සන් මුනගැග්වා පක්ෂපාතී පිරිස් අතරේය.

(ඒ.එෆ්.පී.)

 

 


RECOMMEND POSTS