ඉරානයෙන් කටාරයට ආහාර තොගයක්



කටාර් රාජ්‍යයට ටොන් 180 ක ආහාර තොගයක් පිටත් හැරීමට ඉරානය කටයුතු කළේය. එම ආහාර තොගය අතර නැවුම් එළවළු සහ පළතුරු ද බහුල වශයෙන් ඇතැයි පැවැසෙයි.

සෞදිය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් කටාරය හුදෙකලා කිරිමට පියවර ගැනීමත් සමඟ කටාරයේ ආහාර අර්බුදයක් හටගත්තොත් ඊට සහනයක් ලෙස තමන් කටාරයට ආහාර මෙසේ යැවීමට පියවර ගන්නා බව ඉරානය කියා සිටී.

සෙසු ගල්ෆ් කලාපීය රටවල් කටාරය සමඟ සබඳතා නවතා දැමුව ද ඉරානය, තුර්කිය කටාරයේ සහායට සිටී.

ඉරානයේ හොමෝස්ගාන් පළාතේ බන්ඩෙර් ලෙන්ගේ වරායෙන් මෙම ආහාර තොගය රැගත් නැව් පිටත්ව ගිය බව ඉරාන මාධ්‍ය වාර්තා  කරයි.

(ප්‍රෙස් ටිවී)


RECOMMEND POSTS