ඉරාන ජනපතිවරණයේ ප්‍රතිපල නිකුත් වෙයි



ඉරාන ජනපතිවරණයේ පළමු නිල ප්‍රතිපල නිකුත් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය කටයුතු කරමින් පවතී.

ඉරාන අභ්‍යන්තර කටයුතු ඇමැති අලී අහ්මාදී මාධ්‍ය හමුවේ කියා සිටියේ මේවනවිට වත්මන් ජනපති හසන් රොව්හානී, ඡන්ද 14,619,848 ක් හිමිකර ගනිමින් ඉදිරියෙන් සිටින බවය.

දෙවැනි ස්ථානයේ සිටින්නේ සයියාද් ඊබ්‍රහීම් රයිසී ය. ඒ, 10,125,855 ක ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගනිමිනි.

මොස්තාෆා අකා මිර්සාලිම් සහ මොස්තාෆා හෂේමී තාබා 2,97,276 ක් සහ 1,39,331 ක් හිමි කරගෙන සිටින බව ද ඉරාන අභ්‍යන්තර කටයුතු ඇමැති අලී අහ්මාදී, මැතිවරණ කාර්යාල නිකුත් කළ දත්ත ඇසුරින් පවසා තිබේ.

මේ වනවිට ඡන්ද 25,966,729 ක් ගණන් කර අවසන් අතර, 25,182,310 ප්‍රතික්ෂේප වී ඇතැයි ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS