ඉරාන ජනපතිවරණය රටවල් 102 ක



විදේශවල වෙසෙන ඉරාන වැසියන් ද ඉරාන ජනපතිවරණයට සහ පළාත් පාලන මැතිවරණවලට දායක වූ බව ඉරාන නියෝජ්‍ය විදේශ ඇමැති හසාන් කෂ්කාවී පවසා ඇත.

නියෝජ්‍ය විදේශ ඇමැතිවරයා පෙන්වාදී ඇති අන්දමට ඡන්ද කටයුතු වෙනුවෙන් රටවල් 102 ක ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා ඇත. ඒ, එම රටවල ඉරාන තානාපති කාර්යාල හරහාය.

ඇමෙරිකාවේ ඉරාන වැසියන් වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 55 ක් පිහිටුවා තිබුණි.

එක්සත් අරාබි එමීරයේ සහ ඉරාකයේ ඡන්ද මධ්‍යස්ථාන 22 ක් ද මහා බි්‍රතාන්‍යයේ ඡන්ද මධ්‍යස්ථාන 22 ක් ද පිහිටුවා තිබුණු බව වාර්තා විය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS