ඉරාක හමුදා ප්‍රහාරයෙන් දයේෂ් ත්‍රස්ත නායකයා මරුට



ඉරාක රජයේ හමුදා එල්ල කළ ප්‍රහාරයකින්, එරට ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ක්ෆීරි දයේෂ් හෙවත් අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නියෝජ්‍ය නායක අබු අබ්දුල්රහ්මාන් ජීවිතක්ෂයට පත් විය.

බටහිර මොසූල් නුවර අත්පත් කර ගැනීමට ඉරාක හමුදා මේ වනවිට සටන් වදිමින් සිටී. අබු අබ්දුල්රහ්මාන් මරා දැමීමට ඉරාක හමුදාවට හැකි වී ඇත්තේ එම ගැටුම් අතරතුරේ යැයි ද පැවැසෙයි.

ප්‍රහාරයට ලක් වෙද්දී, අබු අබ්දුල්රහ්මාන් සහ තවත් ත්‍රස්තයන් පිරිසක් ‘පැරැණි මොසූල් නුවර’ නමින් හැඳින්වෙන කොටසෙහි පිහිටි ඕමාර් අල් අස්වාද් මුස්ලිම් පල්ලියේ සැඟව සිටි බව ද වාර්තා වේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS