ඉන්දීය නාළිකා තහනම්



පාකිස්තානය හරහා ගලා බසින ගංගා හරස් කිරීමට ඉන්දියාව පියවර ගැනීමත් සමඟ ඊට විරෝධය පළ කරමින්, පාකිස්තානයේ විකාශය කෙරෙන සියලුම ඉන්දීය රූපවාහිනී නාළිකා තහනම් කිරීමට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන්නේය.

ඉන්දීය පාලන ප්‍රදේශ හරහා පාකිස්තානයට ගලා බසින ගංගා, හරස් කරමින් ඉන්දියාව වේල්ල කිහිපයක් ඉදිකරමින් සිටී. ගංගා මෙසේ හරස් කිරීමෙන්, පාකිස්තාන වැසියන්ට ජලය අහිමි වී යන බවත්, එය ඉන්දියාව පාකිස්තාන වැසියන් පීඩාවට පත්කිරීමට හිතාමතා කළ පහත් ක්‍රියාවක් බවත්, ඉන්දියාව එය පාකිස්තානයට එරෙහිව අවියක් ලෙස යොදා ගන්නා බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබේ.

ඉන්දීය රූපවාහිනී ටෙලි කතා සහ බොලිවුඞ් සිනමා නිර්මාණ පාකිස්තානයේ අතිශය ජනප්‍රියය. ඒවා විනාශය වන්නේ ඉන්දීය රූපවාහිනී නාළිකා ඔස්සේය. තම නාළිකා පාකිස්තානයේ පවත්වා ගෙන යෑම මගින් ඉන්දියාවට විශාල මුදල් ප්‍රමාණයක් හිමිවෙයි.

මීට පෙර ද ඉන්දියාව සමඟ විටින් විට උරණ වුණු අවස්ථාවලදී, පාකිස්තානය ඉන්දීය රූපවාහිනී නාළිකා එරට තහනම් කිරීම සිදු කළේ යැයි විදෙස් පුවත් සේවා සිහිපත් කරයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS