ඉන්දීය කොටස් වෙළෙඳපොළ පහළට



අඛණ්ඩව වාර තුනකදී ප්‍රතිලාභ ලැබූ ඉන්දීය කොටස් වෙළෙඳපොළ අද තරමක් දුරට පහත වැටිණි.

කොටස් පහත වැටුණේ ඉන්දීය රුපියල වාර්තාගත අන්දමින් පහළ අගයක් වාර්තා කළ අවස්ථාවකදී ය.

ගෝලීය ඉන්ධන මිල ගණන් ඉහළ යෑම ද මේ තත්ත්වවලට බලපා තිබේ.

ඇමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව අද (28) ඉන්දීය රුපියලේ අගය 78.67ක් ලෙස දැක්වුණු අතර ඊට පෙර ඇමෙරිකානු ඩොලරයක අගය ඉන්දීය රුපියල් 78.34ක් විය.

ගෝලීය වෙළෙඳපොළේ තෙල් මිල ගණන් පහළ යෑම නිසා ඉන්දීය කොටස් වෙළෙඳපොළේ දර්ශක අඛණ්ඩ වාර තුනකදී වර්ධනයක් පෙන්නුම් කළේ ය.

තෙල් නිෂ්පාදනය සහ අපනයන කරන ප්‍රධාන පෙළේ රටවල් සිය ධාරිතා මත සීමා පැනවීමට තීරණය කිරීමත් ජී7 සමුළුවේදී රුසියානු තෙල් මත සීමා පැනවීමට තීරණය කිරීමත් නිසා ගෝලීය බොරතෙල් මිල ගණන් ඉහළ ගියේ ය.

(රොයිටර්)


RECOMMEND POSTS