ඉන්දීය අගමැති බ්‍රිතාන්‍ය අගමැතිනිය හමුවෙලා



පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට ලන්ඩනයට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ අතර විශේෂ හමුවක් පැවැත්විණි.

ඉන්දීය අගමැතිවරයා, බ්‍රිතාන්‍ය අගමැතිනිය හමුවූයේ අංක 10 ඩවුනින් වීදියේ පිහිටි අගමැති නිල නිවසේදීය.

එහිදී ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට මෝදි කටයුතු කළේය. ගෝලීය ආරක්ෂාව සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයෝ දෙදෙනා සාකච්ඡා පැවැත්වූහ.

ඉන්දීය අගමැතිවරයා බකිංහැම් මාලිගයේදී දෙවැනි එලිසබත් මහ රැජින හමුවීමට ද නියමිතය. මෝදි බි්‍රතාන්‍යයට පැමිණියේ ස්වීඩනයේ ස්ටොක්හෝල්ම් සිටය.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS