ඉන්දියාවේ බෝට්ටුවක් පෙරැළී 12 ක් මරුට



ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ගෝදාවරී නදියේ සංචාරන බෝට්ටුවක් පෙරැළීමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 32 ක් අතුරුදන් වූහ. අනතුරට ලක්වෙද්දී බෝට්ටුවේ සංචාරකයන් 63 දෙනකු සිට ඇතැයි පැවැසෙයි.

අනතුර සිදුවී ඇත්තේ බෝට්ටුව ගල් පරයක ගැටීමෙනි. එය නොසැලකිල්ල නිසා සිදුවුණු අනතුරක් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම් හමුදාවේ ද සහාය ඇතිව සිදු කෙරුණි. අනතුර සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සොව පළ කර ඇත.

හයිද්‍රාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS