ඉන්දියාවේ දිගටම විරෝධතා



ඒ අතරින් බටහිර බෙංගාලයේ සහ ඇසෑම් ප්‍රාන්තයේ විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන ඇත. කොල්කටා අගනුවරට රැස්වුණු විරෝධතාකරුවෝ රජයේ ගොඩනැගිලිවලට කඩා වැදී පහර දෙන්න වූහ.

විරෝෂතාකරුවෝ මාර්ග අවහිර කරමින්, බස් රථවලටත් දුම්රිය ස්ථානයට කඩා වැදී දුම්රියවලටත් ගිනි තැබූහ. දුම්රිය පහක් ගින්නෙන් විනාශ වූ බව පැවැසෙයි. ඇසෑමයේ ඇඳිරි නීතිය නොතකා වීදි බැස විරෝධතා දක්වන පිරිස් විසිරුවා හැරීමට පොලිසිය වෙඩි තබා ඇතැයි ද වාර්තා වේ.

ඇමෙරිකාව, එක්සත් රාජධානිය සහ කැනඩාව ඔවුන්ගේ වැසියන්ට දන්වා ඇත්තේ ඉන්දියාවේ සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙසටය.

නව පුරවැසි පනතට අනුව, ඇෆ්ගනිස්තානයෙන්, පාකිස්තානයෙන් සහ බංග්ලාදේශයෙන් පමණක් පැමිණ ඉන්දියාවේ පදිංචි වී සිටින අනවසර සංක්‍රමණිකයන් අතරින් ඉන්දියාවේ පුරවැසිභාවය හිමිවන්නේ මුස්ලිම් නොවන අයට පමණි. ඒ අනුව ඉන්දියාවේ පදිංචි අනවසර මුස්ලිම් වැසියන්ට ඉන්දියාවේ පුරවැසිභාවය හිමිනොවන අතර ඔවුන්ට රටින් පිටවීමට ද සිදුවනු ඇත.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS