ඉන්දියාවේ චෝදනා ඉම්රාන් ප්‍රතික්ෂේප කරයි



ඉන්දු කාශ්මීරයේ පුල්වාමා දිස්ත්‍රික්කයේ පසුගිය 14 වැනිදා එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන්, ඉන්දියාව පාකිස්තානයට එල්ල කරන චෝදනා පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ප්‍රතික්ෂේප කරයි.

චෝදනා ඉදිරිපත් කරන්නේ නම්, ඒවාට සාක්ෂි ඉදිරිපත් කරන ලෙසත්, සාධාරණ අයුරින් සිදුවූ දේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් නම්, ඉන්දියාවට තමන්ගේ රජයේ සහාය නොඅඩුව හිමිවනු ඇති බවත් ඉම්රාන් පවසා ඇත.

‘ඕනෑම ආකාරයකට පරීක්ෂණයක් පවත්වන්න, වදරකරුවන් කවුරුන්දැයි සොයන්න. මගේ රජය ඊට සම්පූර්ණ සහාය දෙනවා. ඕනෑම ආකාරයකට සහාය දක්වන්න මම සහ මගේ රජය සූදානමින් ඉන්නවා’ යැයි පාකිස්තාන අගමැතිවරයා වැඩි දුරටත් කියා සිටී.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS