ඉන්දියාවේ කොරෝනා ආසාදිතයෝ ලක්ෂ 9 ක්



ඉන්දියාවේ ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් ගණන නව ලක්ෂය පසු කළේය. ඒ, ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 28,498 දෙනකු වාර්තා වීමත් සමඟය.

ගතවුණු පැය 24 තුළ වාර්තා වුණු ‘කොවිඞ් 19’ මරණ සංඛයාව 553 ක් බවත්, ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 23,700 පසු කළ බවත් ඉන්දීය සෞඛ්‍ය අංශ ඊයේ පැවැසීය.

ඉන්දියාවේ වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් වන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රානතයෙනි. මුම්බායි නුවර පිහිටා ඇත්තේ මහාරාෂ්ට්‍රයේය. මීට අමතරව, තමිල්නාඩුවේ චෙන්නායි අගනුවරින් ද, දිල්ලි ප්‍රාන්තයේ නවදිල්ලි අගනුවරින් ද ආසාදිතයන් වැඩි වැඩියෙන් වාර්තා වන බව ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඉන්දීය සෞඛ්‍ය අංශ නිකුත් කළ වාර්තාවලට අනුව, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී, පූර්ණ සුවය ලැබූ ගණන 71,000 කි.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර සත්ව සහ මත්ස්‍ය වෙළෙඳපොළ කේන්ද්‍රකොට ගනිමිනි. චීනයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වුණු වයිරසයේ නව කේන්ද්‍රස්ථානය වී ඇත්තේ ඇමෙරිකාවය.

මේ වනවිට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා ආසාදිතයන් 13,240,800 ක් වාර්තා වේ. මරණ වාර්තා වන්නේ 5,75,601 ක් ලෙසය. ලොව පුරා සම්පූර්ණ සුවය ලැබූ ගණන 7,707,191 කි.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS