ඉන්දියාවේ කොරෝනා ආසාදිතයෝ 700 ක්



ඉන්දියාවේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 700 පසු කර ඇතැයි එරට පුවත් සේවා වාර්තා කළේය. ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 10 කි.

ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් ආසාදිතයන් 88 ක් හමුවුණු බව ද පැවැසෙයි. මේ අතර, සුවය ලැබූවන්ගේ ගණන 42 දක්වා ඉහළ ගොස් ඇත.

මුළු ඉන්දියාවම මේ වනවිට සම්පූර්ණයෙන් වසා දැමීමට (ලොක්ඩවුන්) කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ මධ්‍යම රජය පියවර ගෙන ඇත. ඉන්දියාවේ ප්‍රන්ත මට්ටමින් කොරෝනා වයිරසය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන බව ද පැවැසෙයි.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS