ඉන්දියාවේ ආසාදිතයෝ මිලියන 5.4 ක්



ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 5.4 පසු කළේය. ඒ, ගතවුණු පැය 24 ඇතුළත නව ආසාදිතයන් 92,605 ක් වාර්තා වීමත් සමඟය.

මේ වනවිට ලොව දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

ඉන්දියාව දෙවැනි වන්නේ ඇමෙරිකාවටය. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 86,752 ක් යැයි පැවැසෙයි. ගතවුණු පැය 24 ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ මරණ 1,113 කි.

නවදිල්ලියේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS