ඉන්දියාවේ අතුරු අයවැයක්



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් ගොවීන්ට වැඩි සහන සැලැසී ඇතැයි ඉන්දීය පුවත් සේවා පැවැත්වෙයි.

ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිත අතර, එම මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෙම අතුරු අයවැය ඉදිරිපත් කර ඇත්තේ ඡන්දදායකයන්ගේ සිත් දිනා ගැනීමට යැයි ප්‍රතිවාදී කොංග්‍රස් පක්ෂය කියයි.

අතුරු අයවැය මගින් ගොවීන්ගේ ණය සැලකිය යුතු අයුරින් කපා දැමීම, ඉන්දීය රුපියල් 6,000 ක දීමනාවක් ලබා දීම ආදිය සිදුවනු ඇත. ජනතාවට ලබා දෙන මෙම සහව වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 75,000 ක් වැය වනු ඇතැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS