ඉන්දියාව සමඟ සුහඳත්වයක්
සාකච්ඡා පවත්වා ඉන්දියාව සමඟ සුහදත්වයක් වර්ධනය කර ගැනීමටත් ඉන්දියාවෙන් පාකිස්තානය කැඩී වෙන් වූ දා පටන් කාශ්මීරය සම්බන්ධයෙන් හටගත් අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට උත්සාහ ගන්නා බවත් පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් කියයි.
පාකිස්තාන නව විදේශ ඇමැතිවරයා වන්නේ ෂා මොහොමද් ය. ඔහු පැවසා ඇත්තේ දෙරට අතර පවතින සටන් විරාමය දිගටම පවත්වාගෙන යෑමට පියවර ගන්නා බවත්, ඒ අතරතුර දෙරට අතර සාමය වර්ධනය කිරීමට සාකච්ඡා පවත්වන බවත්ය.
පසුගිය කාලයේ සටන් විරාමය අමු අමුවේ උල්ලංගනය කළේ යැයි ඉන්දියාව පාකිස්තානයටත්, පාකිස්තානය ඉන්දියාවටත් චෝදනා කරන්න විය. නව අගමැති ලෙස ඉම්රාන් පවසා ඇත්තේ ඉන්දියාව සමඟ විශ්වාසයෙන් සහ ගෞරවයෙන් කටයුතු කිරීමට තමන් කටයුතු කරන බවය.
(ප්‍රෙස් ටීවී)