ඉන්දියාව බෑ කියයි



පාකිස්තානය සමඟ සාම කතා ඇරැඹීමට කැමැත්ත පළ කර පැය 24 ක් ගතවීමටත් පෙර, එම අදහස වෙනස් කිරීමට ඉන්දීය රජය තීරණය කළේය.

ඉන්දියාව සම කතා පැවැත්වීමේ අදහස වෙනස් කළේ පාකිස්තාන රජයේ අනුග‍්‍රහය ලබන සන්නද්ධ කැරැුලිකරුවන්ගේ ප‍්‍රහාරයකින් කාශ්මීර ප‍්‍රදේශයේදී ඉන්දීය දේශසීමා මුර භටයකු ඝාතනය වීමේ සිදුවීමක් මුල්කොට ගනිමින් යැයි වාර්තා වේ.

තව නොබෝ දිනකින් එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇරැඹීමට නියමිත අතර, ඊට සහභාගී වන ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් සහ පාකිස්තාන විදේශ ඇමැති ෂා මෙහ්මූද් කුරේෂි අතරේ පළමු වටයේ සාමකතා පැවැත්වීම කළ යුතු යැයි යෝජනා කළේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ය.

ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ලිපියක් යවමිනි. මෝදි ප‍්‍රමුඛ ඉන්දීය රජය පාකිස්තාන අගමැතිවරයාගේ එම ආරාධනාව පිළිගත්තේය.

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වීමට නියමිත මහ සමුළුවට සමගාමීව, ඉන්දු පාකිස්තාන විදෙස් ඇමැතිවරුන් අතරේ සාම කතා ආරම්භ වීමට කටයුතු යෙදුණි. එය ඇමෙරිකාවේ ද පැසැසුමට පවා හේතුවක් විය.

පාකිස්තාන නව අගමැති ඉම්රාන් සාමයට කැමැත්ත පළ කිරීමත් සාකච්ඡුා පවත්වා කාශ්මීර අර්බුදයට පැහැදිලි දේශපාලන විසඳුමක් සෙවීමට උන්නදුවීමත් බොහෝ ඉන්දියානුවන්ගේ ද ප‍්‍රසාදයට හේතුවක් වූ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය.

තම දේශසීමා මුරභටයන් ඝාතනය වීමේ සිදුවීම තරයේ හෙලා දකිමින්, සාම කතා අවලංගු කරන බවත්, සාමයට කැමැති බව පෙන්වමින්, ලොවට ‘හොඳ මුහුණක්’ පෙන්වන ඉම්රාන් ඉන්දියාව සහ පාකිස්තානය අතර සාමයකට කැමැත්තක් නොදක්වන බව ද ඉන්දියාව පවසා ඇත.

සාම කතා මෙසේ අවලංගු කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් සිය කනගාටුව ඉන්දීය අගමැති මෝදිට පළ කර තිබේ. ඉන්දීය රජය ගත් තීරණය සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කනගාටුවන බව ද අගමැති ඉම්රාන්, ඉන්දීය අගමැතිවරයාට පවසා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා තරයි. ඉන්දියාව සහ පාකිස්තානය සාමයට යොමුවීමට තිබුණු ‘ඉතා හොඳ අවස්ථාවක්’ මඟ හැරී ගියේ යැයි ද පාකිස්තාන අගමැතිවරයා පවසා ඇත.

මේ අතර, 2016 වසරේ දී කාශ්මීරයේ සන්නද්ධ අරගලයක යෙදුණු බුර්හාන් වානී නමැති තරුණ කාශ්මීර බෙදුම්වාදී කැරැුලි නායකයා ඉන්දීය හමුදා අතින් ඝාතනයට ලක් විය. මොහු පාකිස්තාන අනුග‍්‍රහය ලැබූ ඉස්ලාමීය ත‍්‍රස්තවාදියකු බවට ඉන්දියාව චෝදනා කර ඇත.

පාකිස්තාන රජය බුර්හාන් වානී වීරයකු ලෙස සලකා ඔහුගේ රුව ඇතුළත් මුද්දරයක් ද නිකුත් කර ඇත. මෙය ද ඉන්දීය රජයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. ඇරැඹීමට සූදානම් වුණු ඉන්දු පාකිස්තාන සාමකතා ලප්තැනම ලොප්වීමට තවත් හේතුවක් වූයේ මෙය යැයි ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

(එන්.ඞී.ටීවී.)

 


RECOMMEND POSTS