ඉන්දියාව ජනරජ දිනය සමරයි



ඉන්දියාව අද (26) 70 වැනි ජනරජ දිනය සැමරුවේය. ප්‍රධාන සැමරුම් උත්සවය නවදිල්ලි අගනුවර පැවැත්වූයේ විශේෂ ආරක්ෂාවක් යටතේය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු  ජනරජ දිනයේ විශේෂ අමුත්තා වූයේ දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසාය.

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවේවි යැයි බියෙන් පොලිසියේත් හමුදාවේත් විශේෂ ආරක්ෂාවක් සැමරම් උත්සවයට යොදවා තිබුණු අතර, සැමරුම් උත්සවය පැවැත්වෙද්දී, ඊට ඉහළින් ගුවන් තහනම් කලාපයක් ද ක්‍රියාත්මක විය.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS