ඉතාලි මහ මැතිවරණය අද



ඉතාලි මහ මැතිවරණය අද (4) පැවැත්වීමට නියමිත යැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මහ මැතිවරණය පැවැත්වෙන්නේ ඉතාලි ජනාධිපති සෙර්ගියෝ මැටරෙල්ලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟය. ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ පසුගිය දෙසැම්බර් 28 වැනිදාය.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන් නියෝජිතයන් 630 දෙනකු සහ සෙනෙට් මණ්ඩලය වෙනුවෙන් නියෝජිතයන් 315 දෙනකු තෝරා පත් කර ගැනීම මෙම මැතිවරණයේදී සිදුවෙයි.

2016 වසරේ සිට ඉතාලිය පැවැතියේ භාරකාර රජයක් යටතේය. ඒ අගමැති ධුරයේ සිටි මැටියෝ රෙන්සිගේ ඉල්ලා අස්වීමෙන් පසුවය. මැටියෝ රැන්සි නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට උත්සාහ කළේය.

ඒ වෙනුවෙන් ඔහු ජනමත විචාරණයක් ද පැවැත්වීමට කටයුතු කළ අතර එම ජනමත විචාරණයෙන් රැන්සි පරාජයට පත් විය.

මැටියෝ රැන්සි උත්සාහ ගත්තේ ඉතාලි අගමැතිවරයා සතු  බලතල වැඩි කර ගනිමින්, සෙනෙට් මණ්ඩලයේ බලතල සීමා කිරීමටය. ජනමත විචාරණයේ දී ජනතාව ඊට විරෝධය දක්වමින් ඡන්දය ප්‍රකාශ කළේය. ඉතාලි විපක්ෂ දේශපාලන පක්ෂ සියල්ලම අගමැතිවරයාගේ මෙම නව ප්‍රතිසංස්කරණවලට විරෝධය පළ කළේය.

(රොයිටර්)


RECOMMEND POSTS