ඇෆ්ගනිස්ථානයට වෛද්‍ය ආධාර



භූමි කම්පාවෙන් විපතට පත් වුණු ඇෆ්ගන් වැසියන්ට, මානුෂීය ආධාර ලෙස, අත්‍යවශ්‍ය ඖෂධ ටොන් 6 ක් ලබා දීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

එම ඖෂධ ටොන් 6 පසුගිය දා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ඉන්දීය තානාපති කාර්යාලය හරහා හි ඉන්දිරා ගාන්ධි රෝහල වෙත භාර දීම සිදුවිය.

පසුගිය ජූනි 22 දා, රික්ටර් මාපක 5.9 ක භූමිකම්පාවක් ඇෆ්ගනිස්ථානයේ අගනුවර වන කාබුල් ඇතුළු සමහර ප්‍රදේශවලට බලපෑවේ, පක්ටිකා පළාතේ බාර්මාල් සහ ගියන් දිස්ත්‍රික්කවල සහ කොස්ට් පළාතේ ස්පෙරා දිස්ත්‍රික්කයේ 1000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

බර්මාල්, ගියන් සහ ස්පෙරා යන දිස්ත්‍රික්ක හයෙන් තුනක් හරහා අවම වශයෙන් පුද්ගලයින් 1,455 ක් තුවාල ලබා ඇත - ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බරපතල ය. නිවාස 10,000කට අධික ප්‍රමාණයක් විනාශ විය.

"ඇෆ්ගන් ජනතාවට උපකාර කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, ඉන්දියාව, මේ වන විට, අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක ඖෂධ, ක්ෂය රෝග මර්දන ඖෂධ, මාත්‍රා 500,000 ක් ඇතුළුව කාණ්ඩ හතක් යටතේ වෛද්‍ය ආධාර ටොන් 20 ක් සැපැයීම සිදු කළා. COVID එන්නත, ආදිය ද එම ආධාර තොගයට ඇතුළත්. මෙම වෛද්‍ය තොග ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) සහ කාබුල් හි ඉන්දිරා ගාන්ධි ළමා රෝහලට භාර දී ඇත,"  යැයි ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඊට අමතරව, ඇෆ්ගනිස්තානයේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ඉන්දියාව තිරිඟු මෙට්‍රික් ටොන් 35,000 ක ආහාර ආධාර ලබා දීමට කටයුතු කර ඇතැයි පැවැසෙයි.

(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)


RECOMMEND POSTS