ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරේ



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර විරෝධතා රැලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 20 කි.

බෝම්බ පිපිරීම සිදුවූයේ පෂ්තුනිෂ්තාන් චතුරස්‍රය ආසන්නයේදීය. විරෝධතාව පැවැත්වූයේ රට වැසියන්ගේ ආරක්ෂාව ඉතා දුර්වල තත්ත්වයකට වැටී ඇති බව රජයට දැනුම් දීම සඳහාය.

විරෝධතාවට 100 කට වැඩි ඇෆ්ගන් වැසියෝ පිරිසක් එක් රැස් වී සිටියහ.

(අල් ජසීරා)


RECOMMEND POSTS