ඇෆ්ගන් මැතිවරණයේ දෙවැනි දවස



තලේබාන් ත‍්‍රස්තවාදීන්ගේ තර්ජන සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැද ඊයේ (20) ආරම්භ වුණු ඇෆ්ගන් පාර්ලිමේන්තු මැතිවරණය අද (21) ද පැවැත්වෙයි.

ඡන්දය ප‍්‍රකාශ කිරීමේ කටයුතු උදෑසන 7 ට ආරම්භ වී, සවස 4.30 ට අවසන් වූයේ තලේබාන් ත‍්‍රස්තවාදීන්ගේ බෝම්බ ප‍්‍රහාර මධ්‍යයේය. තලේබාන් ත‍්‍රස්තවාදීන් කල්තියා ඇෆ්ගන් වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ මැතිවරණය වර්ජනය කරන ලෙසය.

උත්තර මන්තී‍්‍ර මණ්ඩලය ආසන 102 කින් සමන්විත වන අතර, පහළ මන්තී‍්‍ර මණ්ඩලයේ ආසන 250 කි. උත්තර මන්තී‍්‍ර මණ්ඩලයේ සාමාජිකයන් 102 ගෙන්, 68 දෙනකු පළාත් සහ දිස්ති‍්‍රක් පාලන මණ්ඩලවලින් තෝරා ගැනෙයි. ඉතිරි 34 දෙනා ඇෆ්ගන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබේ.

පහළ මන්තී‍්‍ර මණ්ඩලය හෙවත් නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයට සාමාජාකයන් තෝරා ගැනීම ජනතා ඡන්දයෙන් සිදුවෙයි.

එයින් ආසන 10 ක් කූචික් නමැති අහිකුණ්ඨක සුළු ජාතිකයන් වෙනුවෙන් වෙන් වී ඇත. තවත් ආසන 68 ක් කාන්තා නියෝජනය වෙනුවෙනි. එක් පළාතකින් එක් කාන්තා නියෝජනයක් අපේක්ෂා කෙරේ. තවත් එක් ආසනයක් ශීක් සහ හින්දු ජනතාව වෙනුවෙන් වෙන්ව පවතී.

රොයිටර්ස්


RECOMMEND POSTS