ඇෆ්ගන් තලේබාන් ලොක්කාගේ සොහොයුරා මියයයි



ඇෆ්ගන් තලේබාන් ප්‍රධානී හයිපතුල්ලා අකුසන්දාගේ සොහොයුරා නිරිතදිග පාකිස්තානයේ මුස්ලිම් පල්ලියක සිදුවුණු බෝම්බ ප්‍රහාරයකින් මියගොස් ඇතැයි තලේබාන් සංවිධානය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

බෝම්බ ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ හෆීසා අහ්මදුල්ලාය. මොහු ක්වෙටා නුවරට ඔබ්බෙන් පිහිටි කුචාලක් නගරයේ පිහිටි පල්ලියේ ප්‍රධානියාය. හෆීසා අහ්මදුල්ලා ඇතුළු තවත් සිවු දෙනකු පල්ලියට එල්ල වුණු එම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය බව ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS