ඇමෙරිකාවේ වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ තලහාසේ නගරයේ යෝග පුහුණු මධ්‍යස්ථානයට කඩා වැදුණු අයකු කළ වෙඩි තැබීමකින් කාන්තාවෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

වෙඩි ප්‍රහාරයට හසුවීමෙන් තවත් පස් දෙනෙක් තුවාල ලැබූහ. එම පස්දෙනා කඩිනමින් රෝහල් ගත කිරීමට පොලිසිය සමත් විය.

වෙඩි තැබීම කළ තැනැත්තා ස්කොට් පෝල් නමැති 40 හැවිරිදි අයෙකු බවත්, පුහුණු මධ්‍යස්ථානයේ සිටි පිරිසට වෙඩි තැබීමෙන් පසු ඔහු ද වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත් වුණැයි ඇමෙරිකා පුවත් සේවා වාර්තා කරයි. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් මියගියේ 61 හැවිරිදි කාන්තාවක සහ 21 හැවිරිදි තරුණියක බව පොලිසිය පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS