ඇමෙරිකාවේ රැකියා කරන්න යන්න අවස්ථාවක්



ව්‍යාපාරික හෝ සංචාරක වීසා ලබාගෙන ඇමෙරිකා එක්සත් ජනපදයට යන පුද්ගලයන්ට ඔවුන් කැමැති නම්, එරට රැකියා සඳහා ඉල්ලුම් කිරීමටත්, රැකියා සඳහා සම්මුඛ සාකච්ඡාවලට පවා පෙනී සිටීමටත් හැකි බව එරට ‘පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය’ පවසයි.

‘පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය’ මෙසේ පවසා ඇත්තේ ට්විටර් පණිවුඩයක් ද නිකුත් කරමිණි. සංචාරක වීසා හෝ ව්‍යාපාරික වීසා ලබාගෙන ඇමෙරිකා ගොස් එරට රැකියාවක් සඳහා තෝරාගනු ලැබුවහොත්, වීසා තත්ත්වය වෙනස් කර ගත යුතු බව ද පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS