ඇමෙරිකාවේ අර්බුදය තාවකාලිකව අවසන්



දින 35 ක් තිස්සේ අකර්මණ්‍ය වූ ඇමෙරිකා රජය එම තත්ත්වයෙන් මුදා ගැනීමේ අරමුණින් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත් සෙනෙට් මණ්ඩලයේත් ඡන්ද විමසුමක් පැවැත්වුණු අතර, රාජ්‍ය ආයතන වෙනුවෙන් තාවකාලික මුදල් ප්‍රතිවාද වෙන් කිරීමට එහිදී ඒකමතිකව කැමැත්ත පළ කෙරුණි.

කෙසේ නමුත් අර්බුදයට හේතුවක් වුණු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් යෝජනා කළ ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමා තාප්පය වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් 5.7 ක මුදලට අනුමැතිය නොලැබුණි.

අකමැත්තෙන් වුවත් ඇති කරගත් එකඟතාවයට ගරු කරමින් ලබන පෙබරවාරි 15 දක්වා පමණක්, කාවකාලිකව රාජ්‍ය ආයතන සහ රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම ඒ අනුව සිදුවිය.

පෙබරවාරි 15 වැනිදා වනවිට තමන් විසින් යෝජනා කළ සහ තම ඡන්ද පොරොන්දුවක් ද වන ඇමෙරිකා මෙක්සිකෝ තාප්පය වෙනුවෙන් මුදල් යෙදවීමට අනුමැතිය ලබා දිය යුතු යැයි ජනාධිපති ට්‍රම්ප් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට දන්වා ඇත.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන් සතුවය.

එසේ මුදල් ප්‍රතිපාදන වෙන් නොවුණහොත්, තමන් ජනාධිපති බලතල පාවිච්චි කරමින්, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර දේශසීමා තාප්පය ඉදිකරනවා යැයි ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS