ඇමෙරිකාව ‘හුවාවි’ සමාගමට නඩු පවරයි



චීනයේ ‘හුවාවි’ ජංගම දුරකතන සමාගමට එරෙහිව ඇමෙරිකාව නඩු පවරා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකා අධිකරණ දෙපාර්තමේන්තුව මැදිහත් වී, හුවාවි සමාගමට මෙසේ නඩු පැවැරීම කර ඇත්තේ, එම සමාගම ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක උල්ලංඝනය කරමින්, ඉරානය සමඟ ගනුදෙනු පැවැත්වූ බවට චෝදනා නගමිනි.

ඇමෙරිකාව මෙසේ හුවාවි සමාගමට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළේ ඇමෙරිකාවත් චීනයත් අතර වෙළෙඳ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබියදීය. එහෙයින්, එම වෙළෙඳ සාකච්ඡා අවුල්සහගත තත්ත්වයකට පත් වීමේ අවධානමක් ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඇමෙරිකාව සහ චීනය අතරේ මේ වනවිට වෙළෙඳ යුද්ධයක් පවතී.

වොෂින්ටන්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS