ඇමෙරිකාව සමඟ සාම ගිවිසුමක්



මෙම මස අවසන් වෙද්දී, ඇමෙරිකාව සමඟ සාම ගිවිසුමක් ඇති කර ගැනීමට අපේක්ෂා කරනවා යැයි ඇෆ්ගන් තලේබාන් සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

එම ගිවිසුමේ කොන්දේසියක් වන්නේ ඇමෙරිකාව, ඇෆ්ගනිස්තානයෙන් ඔවුන්ගේ හමුදා ඉවත් කර ගැනීමය. මේ වනවිට ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයේ රැඳී සිටින්නේ ඇෆ්ගන් රජයටත් එරට හමුදාවටත් උපදෙස් ලබා දෙමිනි.

කොන්දේසි අනුව තමන් ඇෆ්ගන් රජයටත්, ඇමෙරිකන් හමුදාවටත් එල්ල කරන ප්‍රහාර වහා නැවැත්වීමට කටයුතු කරනවා යැයි තලේබාන් සංවිධානය පවසා ඇත.

තලේබාන් සංවිධානයේ දේශපාලන අංශයේ නියෝජිතයන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අතර සාම සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ දෝහා කටාර් හි තලේබාන් සාම කාර්යාලය හරහාය.

(රොයිටර්)


RECOMMEND POSTS