ඇමෙරිකාව මාව මරන්න හදනවා



ට්‍රම්ප් පරිපාලනය තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ චෝදනා කරයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ, රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමිනි. තමා ඝාතන කුමන්ත්‍රණය පසුපස ඇමෙරිකාව පමණක් නොව අසල්වැසි කොලොම්බියා ද සිටින බව ජනාධිපති මදුරෝ එම අවස්ථාවේදී වැඩි දුරටත් කියා සිටියේය.

ඇමෙරිකාව කොතරම් උත්සාහ කළත්, තමාගේ එක් කෙ​ස් ගසකට අනතුරක් කිරීමට ඇමෙරිකාවට අවස්ථාවක් උදා නොවන බව ද වෙනිසියුලා ජනාධිපති මදුරෝ පැවැසීය.

(අල් ජසීරා ඇසුරිනි)


RECOMMEND POSTS