ඇමෙරිකාව අද නිදහස සමරයි



ඇමෙරිකාව නිදහස් දිනය අද (ජූලි 4) ට යෙදී ඇති අතර, නිදහස් දිනය වෙනුවෙන් හමුදා පෙළපාළි ද ඇතුළත් යුද සැමරුමක් වොෂින්ටන් අගනුවර පැවැත්වීමට ට්‍රම්ප් සූදානමින් සිටින බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව, ඇමෙරිකානුවන් ජූලි 4 නිදහස් දිනය සමරන්නේ විවේකීයව, මල්වෙඩි සංදර්ශන පවත්වමින් සහ, නගර මට්ටමින් අලංකාර පෙරහැර සංවිධානය කරමිනි. දේශපාලනය ඊට සම්බන්ධ කර ගැනෙන්නේ නැත.

කෙසේ නමුත් මෙවර වොෂින්ටන් අගනුවර හමුදා පෙළපාළියක් පමණක් නොව, ජාතිය අමතමින් විශේෂ කතාවක් පැවැත්වීමට ද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සූදානමින් සිටි බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS