ඇමෙරිකානුවන්ට නත්තල් තෑග්ගක්



නත්තලට සමාගාමීව, මහා පරිමාණයේ බදු කප්පාදුවකට කිරීමට තමන් සූදානම් යැයි ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

බදු කප්පාදුව සඳහා කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇතැයි ද ට්‍රම්ප් පැවැසීය. මෙම බදු සහනය තමන් ඇමෙරිකානුවන්ට ලබා දෙන නත්තල් තෑග්ගක් යැයි ද ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.

බදු සහන ලබා දෙන බව ට්‍රම්ප් නිවේදනය කළේ ධවල මන්දිරයේ සිට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි. නව බදු ප්‍රතිපත්ති හඳුන්වා දෙන බව ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ගේ ඡන්ද පොරොන්දුවක් විය.

බදු සහන ලබා දෙමින්, ඇමෙරිකා ආර්ථිකය ශක්තිමත් කරමින්, ඇමෙරිකානුවන්ට අහිමි වී තිබුණු වරප්‍රසාද සියල්ල යළි ලබා දීමට කටයුතු කරනවා යැයි ද ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS