ඇමෙරිකා රාජ්‍ය ලේකම් රුසියා ජනපති පුටින් හමුවෙයි



පළුදු වූ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ රුසියාවට ගොස් සිටින අතර ඔහු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියානු විදේශ ඇමැති සර්ගේ ලැව්රෝව් හමුවී සාකච්ඡා පැවැත්වීය.

මොස්කව් අගනුවරට පැමිණි අවස්ථාවේදී ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා පිළිගනු ලැබුවේ රුසියානු විදේශ ඇමැති ලැව්රෝව් විසිනි. පුටින් සහ පොම්පේඕ අතරේ සාකච්ඡා පැවැත්වූයේ ඉන්පසුවය.

ඇමෙරිකන් නීතිවේදී රොබට් මියුලර්ගේ පරීක්ෂණ කටයුතු අවසන් වී ඇති බැවින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ තමන් අතරේ සුහඳත්වය වර්ධනය කර ගැනීමට හැකිවනු ඇති බව තමන් විශ්වාස කරන බව රුසියානු ජනාධිපති පුටින් පැවැසීය.

මොස්කව්හිදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS