ඇමෙරිකා පාසලක වෙඩි තැබීමක්



ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූහ. තවත් 10 දෙනෙක් තුවාල ලැබුහ.

වෙඩි තැබීම කළේ 17 හැවිරිදි සිසුවෙකි. ඔහු දිමිත්‍රියොස් පැගෝරිට්ස් යැයි පොලිසිය පවසා ඇත. වෙඩි තැබීම සිදුවුයේ සැන්ටා ෆේ උසස් පාසලේය.

දිමිත්‍රියොස් පැගෝරිට්ස් අතින් ඝාතනය වූයේත් තුවාල ලැබුවේත් සැන්ටා ෆේ උසස් පාසලේ සිසුන් යැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS