ඇමෙරිකා තානාපති කාර්යාලයක්



උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර හමුව සාර්ථකව පැවැත්වුණොත්, තමන් වහාම උතුරු කොරියාවේ ඇමෙරිකන් තානාපති කාර්යාලයක් විවෘත කරන බව සිංගප්පූරුවට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටියේය.

ට්‍රම්ප් සිංගප්පූරුව බලා පැමිණියේ උතුරු කොරියා නායකයා සිංගප්පූරුවට පැමිණ පැය පහකට පසුවය. ට්‍රම්ප් පැමිණිවෙය් කැනඩාවේ ජී7 සමුළුවට සහභාගී වීමෙන් පසුවය.

උතුරු කොරියාවේ ඇමෙරිකන් තානාපති කාර්යාලයක් පිහිටුවන බව ට්‍රම්ප් කියා සිටියේ මාධ්‍යවේදීන්ට අදහස් දක්වමිනි. උතුරු කොරියා නායකයා සමඟ පවත්වන මෙම සාකච්ඡාවට තමන් තමන් මෙතෙක් ලබා ඇති සියලුම අත්දැකීම් භාවිතා කරන බව ඇමෙරිකන් ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත.

උතුරු කොරියා නායක කිම් ජොන් සමඟ මුහුණට මුහුණ පැවැත්වෙන හමුව කෙසේවේවිදැයි යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇමෙරිකා ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබේ.

එම අවස්ථාවේදී සමුළුව ආරම්භ වී පළමු මිනිත්තුව ඇතුළත එය සාර්ථක වේවිද දැන්න යන්න සම්බන්ධයෙන් තමාට අවබෝධ වනු ඇති බවත්, සාකච්ඡා සාර්ථක වේවි යැයි පෙනී නොයන්නේ නම්, උතුරු කොරියා නයකයාට අගෞරවයක් නොකර තමන් එතැනින් නැගිට යන බවත් ට්‍රම්ප් ඊට පිළිතුරු දෙමින් පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS