ඇමෙරිකා තලේබාන් සාම කතා යළි නවතී



ඇමෙරිකාව සහ තලේබාන් ත්‍රස්ත සංවිධානයේ දේශපාලන අංශයේ නියෝජිතයන් අතරේ පැවැත්වෙන සාම සාකච්ඡා යළි නැවැතිණි.

ඊට හේතුව වූයේ ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් හමුදා රැඳී සිටින බග්රාම් හමුදා කඳවුරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයයි. එම ප්‍රහාරයෙන් මියගියේ ඇෆ්ගන් සිවිල් වැසියන් දෙදෙනකු පමණි.

ඇමෙරිකාව වෙනුවෙන් සාම කතා සඳහා සහභාගී වන්නේ සැල්මේ කලීසාද් ය. බග්රාම් කඳවුරට එල්ල වුණු මරාගෙන මැරෙන ප්‍රහාරය තරයේ හෙලා දකින බව කලීසාද්, තලේබාන් නියෝජිතයන්ට දන්වා ඇත. බෝම්බ ප්‍රහාරයෙන් පසු සාම සාකච්ඡාවලට ‘කෙටි විරාමයක්’ තැබූ බව කලීසාද් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

ඇමෙරිකාව සහ තලේබාන් ත්‍රස්ත සංවිධානයේ දේශපාලන අංශයේ නියෝජිතයන් අතරේ සාම සාකච්ඡා පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේ දෝහා නුවරය.

(අල් ජසීරා)


RECOMMEND POSTS