ඇමෙරිකා එන්නැයි පුටින්ට ඇරැයුමක්



ඉදිරියේ දිනෙක ඇමෙරිකාවේ නිල සංචාරයකට පැමිණෙන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ඇරැයුම් කර ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකා ජනාධිපතිවරයා, රුසියා ජනාධිපතිවරයාට කළ ඇරැයුම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කළේ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය සේරා සැන්ඩර්ස් ය. ඒ, ට්විටර් පණිවුඩයක් ප්‍රසිද්ධ කරමිනි.

කෙසේ නමුත් ට්‍රම්ප් කළ ආරාධනාව පිළිගත් බව හෝ, ඇමෙරිකාවට පැමිණෙන බව හෝ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙතෙක් කිසිවක් පවසා නැත. මේ වනවිට ඇමෙරිකා ජනාධිපතිවරයා, රුසියානු ජනාධිපතිවරයාට මෙසේ ඇරැයුම් කිරීම සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS