ඇමෙරිකා ආධාර රැගත් ගුවන් යානා වෙනිසියුලාවට



වෙනිසියුලානු විපක්ෂයේ සහ වෙනිසියුලා විපක්ෂය විසින් එරට අන්තර්වාර ජනාධිපති ලෙස නම් කළ යුවාන් ගුඅයිඩෝගේ ඉල්ලීමට අනුව ඇමෙරිකා රජය වෙනිසියුලාවට තවත් ආධාර තොගයක් එවා ඇත.

ආධාර රැගෙන යෑම සිදු කරන්නේ ඇමෙරිකන් හමුදා ගුවන් යානාය. වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝගෙන් එල්ල වන විරෝධය හේතුවෙන් ගුවන් යානාවලට වෙනිසියුලාවට යා නොහැකිය.

යානා වෙනිසියුලා කොලොම්බියා දේශසීමාවේ, කොලොම්බියාවට අයත් කුකුටා නමැතිනගරයට ගෙන යන අතර, එතැන් සිට වෙනිසියුලාවට ආධාර ගෙන යෑම වෙනිසියුලා විපක්ෂ ක්‍රියාකාරීන් විසින් සිදු කරනු ලබන බව පැවැසෙයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS