ඇමෙරිකන් යුදෙව්වන්ට ට්‍රම්ප්ගෙන් බලපෑම්



ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඇමෙරිකාවේ යුදෙව්වන්ට බලපෑම් කරන බව අල් ජසීරා පුවත් වෙබ් අඩවියේ පළ වන වාර්තාවක සඳහන් වෙයි.

තමන් යුදෙව් හිතවාදියකු බවත්, ඊශ්‍රායලයේ සමීප මිතුරකු බවත් පෙන්වා දෙමින්, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ඇමෙරිකවේ යුදෙව්වන්ට පවසා ඇත්තේ, එලැබෙන 2020 ජනාධිපතිවරණයේදී ඔවුන් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දුන්නොත්, එය ඔවුන්ගේ අපක්ෂපාතීබව පෙන්නුම් කිරීමක් බවය.

‘මම යුදෙව් හිතවාදියෙක්. යුදෙව්වන්ගේ මිතුරෙක්. ඇමෙරිකන් යුදෙව්වන්ට මම කියනවා, ඔවුන් ලබන ජනාධිපතිවරණයේදී මට විරුද්ධය, ඩිමොක්‍රටික් පක්ෂයට ඡන්දය දුන්නොත් ඒන වැරදියි. එහෙම කළොත් එක්කෝ ඔවුන් සිදුවන්නේ කුමක්දැයි දන්නේ නැහැ. නූගතුන්. එහෙම නැතිනම් ඔවුන් එසේ කරන්නේ මට විරෝධය දැක්වීමක් වශයෙන්’ යැයි ජනාධිපති ට්‍රම්ප් පවසා තිබේ.

ට්‍රම්ප් මෙසේ කියා සිටියේ සිදුකළ ජනමත සමීක්ෂණ අනුව, ඇමෙරිකාවේ යුදෙව්වන් වැඩි දෙනා, ඩිමොක්‍රටික් පක්ෂයට සහාය දක්වන බව අනාවරණය වීමත් සමඟය.

(අල් ජසීරා)


RECOMMEND POSTS