ඇමෙරිකන් ප්‍රහාරවලින් 362 ක් මරුට



ඇමරිකා එකසත් ජනපදයේ මෙහෙයවීමෙන් 2014 සිට ඉරාකයට සහ සිරියාවට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයන් ගෙන් සාමාන්‍ය වැසියන් 362ක් මිය ගොස් ඇති බව පෙන්ටගනය කියයි.

රටවල් දෙකට තමන් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයන් හිතාමතා සාමාන්‍ය වැසියන්ට එල්ල නොකල බවත්, සාමාන්‍ය වැසියන්ගේ ජීවිත අහිමිවීම ගැන අපි කණගාටු වන බවත් ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ට මෙන්ම ප්‍රහාරයන්ගෙන් පීඩාවට පත් අයට අපගේ බලවත් ශෝකය  ප්‍රකාශ කරන බව පෙන්ටගනය එම නිවේදනය මගින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මේ කාලය තුල එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් සාමාන්‍ය වැසියන් 3.000 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව යුධ නිරීක්ෂකයින් ප්‍රකාශ කරනවා.

මාර්තු මාසයේදි පමණක් මොසූල් උතුරු නගරයට සහ ඒ අවට නගරයන්ට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයන් හේතුවෙන් සාමාන්‍ය වැසියන් 45ක් මියගොස් ඇති බව පෙන්ටගනය ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(බී.බී.සී. ඇසුරිනි)


RECOMMEND POSTS