ඇමෙරිකන් තානාපති නිලධාරීන් නෙරපයි



ඇමෙරිකාවේ නව සම්බාධකවලට විරෝධය දක්වමින්, රුසියාවේ සිටින ඇමෙරිකන් තානාපති නිලධාරීන් 755 දෙනකු වහා රුසියාවෙන් නෙරපා දැමීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර ඇත.

මීට පෙර ද ඇමෙරිකා සම්බාධක හමුවේ, ඊට විරෝධය පෑමක් ලෙස  රුසියාවේ සිටින ඇමෙරිකන් තානාපති නිලධාරීන් සංඛ්‍යාව අඩු කරමින්, ඔවුන් ආපසු ඇමෙරිකාවට යැවීමට ජනපති පුටින් ප්‍රමුඛ රජය පියවර ගත්තේය.

කෙසේ නමුත් එකවර තානාපති නිලධාරීන් 755 දෙනකු රුසියාවෙන් නෙරපීමට ජනපති පුටින් පියවරගත් පළමු අවස්ථාව මෙයයි. එම තානාපති නිලධාරීන්ට රුසියන් රජය දන්වා ඇත්තේ සැප්තැම්බර් පළමු වැනිදාට පෙර රුසියාවෙන් පිටවී යන ලෙසටය.

ඇමෙරිකාව රුසියාවට සම්බාධක පැනැවීමට කටයුතු කර ඇත්තේ පසුගිය 2016 වසරේ පැවැති ඇමෙරිකන් ජනාධිපතිවරණයට රුසියාවෙන් බලපෑම් එල්ල වුණැයි චෝදනා එල්ල වීමත්, එම චෝදනා සත්‍ය බව තහවුරුවීමත් නිසාය.

(රොයිටර්)


RECOMMEND POSTS