ඇමෙරිකන් ගුවන් ප්‍රහාරයෙන් සිරියානු වැසියෝ 18 ක් මියයති



උතුරුදිග සිරියාවේ ගම්මානයකට ඇමෙරිකන් ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් කුඩා දරුවන් 6 දෙනකු ද ඇතුළු 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ගුවන් ප්‍රහාරය එල්ල වූයේ සිරියාවේ අල් මතාබ් නමැති ගම්මානයටය. ගම්මානය ඉරාක සිරියානු දේශසීමාවේ පිහිටා ඇතැයි ද වාර්තා වේ.

තම ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්වුණු බව ඇමෙරිකන් හමුදාව තහවුරු කර නැත.

(ප්‍රෙස්ටීවී)


RECOMMEND POSTS