ආසාදිතයන් ගණන දැන් ලක්ෂ 6 ක්



ලොව පුරා ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 6 පසු කර ඇති බවත්, මරණ සංඛ්‍යාව 27,000 ඉක්මවා ඇති බවත් පැවැසෙයි.

කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූවන් ගණන 1,31,000 කි. චීනයෙන් ආරම්භ වුණු වයිරසය මේ වනවිට දරුණු අන්දමින් පැතිර යන්නේ ඇමෙරිකාවේ, ඉතාලියේ සහ ස්පාඤ්ඤයේය.

චීනයේ වයිරස ආසාදිතයන් අඩුවෙමින් පවතී. කෙසේ නමුත් විදේශවල සිට පැමිණෙන චීන ජාතික වයිරස ආසාදිතයන් 54 දෙනකු පසුගිය දින කිහිපයේදී හමුවුණු බව චීන රජය පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS