ආමේනියාව අසර්බයිජානය යුද්ධයකට මුල පුරයි



හටගත් අර්බුදය සහ අසර්බයිජානයෙන් එල්ල වන ප්‍රහාරවලට කෙසේ මුහුණ දිය යුත්තේ ද යන්න ආමේනියා අග්‍රාමාත්‍ය නිකොල් පෂියාන් හමුදා ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වමින් ...

ආසියානු මහද්වීපයට අයත්, යුරෝපයට සහ මැදපෙරදිග කලාපයට සමීප ආමේනියාව සහ අසර්බයිජානය අතර යුද ගැටුම් ඇවිලෙමින් පවතී. දෙරට හමුදා එකිනෙකට එල්ල කරගත් ප්‍රහාර හමුවේ අද දිනය වනවිට මියගිය ගණන 24 කි.

ගැටුම් වහා නවත්වන ලෙසත්, හටගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආමේනියාවෙන් සහ අසර්බයිජානයෙන් ඉල්ලීමක් කර ඇත.

ආමේනියාව සහ අසර්බයිජානය අතර අර්බුදයක් පවතින්නේ දෙරටම අයිතිය ඉල්ලන නගොර්නෝ කරබාක් ප්‍රදේශය මුල්කොට ගනිමිනි. මෙම ප්‍රදේශය පිහිටා ඇත්තේ අසර්බයිජානයට අයත් සීමාවේ වන නමුත් මෙම ප්‍රදේශයේ වාසය කරන බහුතරය ආමේනියානුවන්ය.  නගොර්නෝ කරබාක් ප්‍රදේශය වෙනුවෙන් වෙනම පාලනයක් ද ඇත ආමේනියාව සහ අසර්බයිජානය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් විය. 90 දශකයේ සෝවියට් සමූහාණ්ඩුවෙන් වෙන්වීමට පෙර සිටම නගොර්නෝ කරබාක් මුල්කොට ගනිමින් අර්බුද පැවැතිණි.

1988 දීත්, 1994 දීත් ඉන්පසු 2016 දීත්, දෙරට අතර අවි ගැටුම් පැවැතිණි. 1992 දී යුරෝපා රටවල් මැදිහත් වී සාමය වෙනුවෙන් ආමේනියාවත් අසර්බයිජානයත් කැමැති කරවා ගත්තේය. යුද ගැටුම් පැවැතියත් එම සාම ගිවිසුම තවමත් ක්‍රියාත්මක වෙයි. ආමේනියාව හෝ අසර්බයිජානය හෝ එයින් ඉවත් වෙනවා යැයි පවසා නැත.

නගොර්නෝ කරබාක් ප්‍රදේශය ‘ආර්ට්ෂාක්’ යනුවෙන් ද හැඳින්වෙයි. වර්ග කිලෝ මීටර් 4,400 ක් පුරා විසිරී පැතීරි පවතින මෙම ප්‍රදේශය, කඳුවලින් සහ වනාන්තරවලින් පිරුණු තැනකි.

ආමේනියාවත් අසර්බයිජානයත් නගොර්නෝ කරබක් ප්‍රදේශය සම්බන්ධයෙන් අයිතිය ඉල්ලා සිටියත්, ජාත්‍යන්තරය පිළිගන්නේ, නගොර්නෝ කරබක් පළාත අයත් වන්නේ, අසර්බයිජානය අයත් ප්‍රදේශයක් බවය.

ගෙවී ගිය සති අන්තයේ අසර්බයිජානයට අයත් හෙලිකොප්ටරයක්, ආමේනියා හමුදා ප්‍රහාරයකින් බිම හෙලීමත් සමඟ දෙරට අතර ගැටුම් යළි ඇවිලෙන්න පටන් ගත්තේය. ආමේනියා අග්‍රාමාත්‍ය නිකෝල් පෂින්යාන් චෝදනා කර ඇත්තේ, අසර්බයිජාන හමුදා තම හමුදා ඉලක්ක කර ගනිමින් කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බවය. අසර්බයිජාන හමුදාව පවසා ඇත්තේ ආමේනියාවෙන් ආ ෂෙල් වෙඩි ප්‍රහාරයට පිළිතුරු දෙමින්, කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාරය එල්ල කළ බවය.

ආසියානු මහද්වීපයට අයත් වුවත් ආමේනියාව සහ අසර්බයිජානය ඇත්තේ ආසියා යුරෝපා කොකේසියානු කලාපයේය. ආමේනියාවේ ජනගහනය මිලියන 2,965 කි. අගනුවර වන්නේ යෙරෙවාන්ය. ආමේනියාවේ ජනාධිපති ධුරය හොබවන්නේ ආර්මෙන් සර්කිසියැන්ය. අසර්බයිජානය පිහිටා ඇත්තේ කැස්පියන් මුහුදට සහ කොකේසියානු කදු වැටියට මායිම්වය. ආමේනියාව මායිම් වන්නේ බටහිර දෙසිනි. අසර්බයිජානයේ ජනගහනය මිලියන 9.981 ක් වන අතර අසර්බයිජාන අගනුවර ලෙස සැලකෙන්නේ බාකුය. ඉල්හාම් අලියේව් අසර්බයිජාන ජනපති ධුරය හොබවයි.

යෙරෙවාන්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS